වැඩක් නොකර ‍FIVERR සල්ලි හොයමු


වැඩක් නොකර ‍FIVERR සල්ලි හොයමු
වැඩක් නොකර සල්ලි හොයන්න? මොන ලැජ්ජ නැති වැඩක්ද ඒ.අනික වැඩක් නොකර කොහොමද ‍ FIVERR එකෙන් සල්ලි හොයන්නෙ.
වැඩක් නොකර කිවුවට උඩ බලන් ඉදල මේක කරන්න බැ. උත්සාහය කැපවීමත් ටිකක් තියෙන්න ඕනෙ.
හරි කතා නවත්තල අපි වැඩේට බහිමුකො…
ඔයාල දන්නව ඇතිනෙ Drop shipping ගැන. ඒ කියන්නෙ අපි Aliexpress එකෙන් හරි banggood එකෙන් හරි බඩුවක් ‍තෝරගෙන අපි ebay එකේ අපේ බඩුවක් වගේ තව ගානක් තියාගෙන ලිස්ට් කරනව. අපිට ඕඩර් එකක් ආවම අපි Buyer ගෙ ලිපිනය අරන් Aliexpress එකේ අපි ‍තෝරගත්ත Seller ට දෙනව. ඒ Seller අපි දීපු ලිපිනයට බඩු යවනව.
භාණ්ඩය ලැබුනාම Buyer අපිට feedback එකක් දෙනව.එතකොට අපි වැඩිපුර තියාගත්ත ගාන තමයි අපේ ලාභය වෙන්නෙ.ඇත්තටම අපි භාණ්ඩය දැකලත් නැ. අල්ලලත් නැ.මුකුත්ම කරල නැ. නමුත් ලාභයක් අරන්.දැන් තේරුනා නේද Drop shipping ගැන සරලවම.

අන්න ඒ වගේ වැඩක් තමයි මේකත්.

ඔයාල හැමෝම දන්නවනෙ ‍Fiverr ගැන. ඔයාල දැනටමත් ඒකෙ වැඩ කරන අයත් ඇති.ඕඩර්ස් ගොඩක් එන ලොකු ගානක් හොයන අයත් ඇති. එයාලට නෙමෙයි මන් මේක කියන්නෙ. එයාල පුරුදු විදියට ඒක කරන් යන්න.
මං මේක කියල දෙන්නෙ මේක හරියටම දන්නෙ නැති සහ ‍Fiverr එකේ ලියාපදිංචි වේලා ඕඩර්ස් නැති අයට, ඒ වගේම ‍Fiverr එකේ විකුණන්න තරම් දෙයක් සහ හැකියාවක් නැති අයටයි.

දැන් බලමු කොහොමද මේක කරන්නෙ කියල.

ඔයාල දන්න අයත්  ඇති නැති අයත් ඇති. Fiverr වගේම තවත් ලෝකයේ ප්‍රසිද්ධ සහ ලොකු sellers base එකක් තියෙන වෙබ් අඩවියක් තියෙනව Seoclerk කියල.
ඒ වෙබ් අඩවියේ වැඩිපුරම විකුනන්නෙ SEO සම්බන්ධ දේවල්, ඒ වගේම ලිපි ලිවිම, ලිපි පරිවර්තනය, Google ranking, Backlinks , Ebooks, Softwares වගේ දේවල්.
ඉතින් ඔයාල දන්නවනෙ ‍Fiverr එකේ සර්විස් එකක අවම මිල $5 කියල. ඒ වුනාට මේ වෙබ් අඩවියෙන් අපිට සේවාවන් $1 ඉදන් මිළදී ගන්න පුලුවන්. හරිම ලාභයි.ගුණාත්මක බවත් ඉහළයි.

දැන් ඔයාලට පොඩියට තේරෙනවනෙ මොකක්ද කරන්න යන්නෙ කියල. අර Dropshipping වැඩේම තමයි. Seoclerk එකෙන අඩුවට අරන් වැඩි මිළකට ‍Fiverr එකේ විකුණනව.

අපි පොඩි ගානක් හදල බලමු.

අපි Article writing  ස්ර්විස් එකක් ‍Fiverr එකේ $5කට ගිග් එකක් දැම්ම කියමුකො. අපිට ඔර්ඩර් එකක් එනව.අපි කරන්නෙ Seoclerk එකට ගිහින් $1 කට වගේ හොද Article ලියන Seller කෙනෙක්ගෙන් ඒ article එක ලියවගෙන අපේ‍ fiverr එකේ buyerta අපි ලිවුව වගේ දෙන එක.

අපිට ‍Fiverr එකෙන් එන ඕඩ්ර් එකට commission කැපිල $4 ක් අතට එනවනම්, අපි seoclerk එකෙන් ඒක මිළදී ගන්න $1ක් වැය වෙනව. ඒත් අපිට $3 ක් ලාභයි.

දවසට ඕඩර්ස් 5ක් ආවනම් අපිට නිකම්ම $15 ක ලාභයක් තියෙනව.
මාසෙකට $ 15 * 30 = $ 450
අවුරුද්දකට $ 450 * 12 = $ 5,400

ඒ කියන්නෙ දළ වශයෙන් අපිට මාසෙකට රු. 80,000/- ක්
අවුරුද්දට ලක්ෂ 9 (රු. 900,000/-) ක ආදායමකට යන්න පුලුවන්.

ඔව් ඔව් කියන තරම් ලේසි නැ තමයි.

ලේසිනම් හැමෝම කරනවනෙ. හැමෝම ලක්ෂපතියොනෙ..

ඒත් උත්සාහ කරොත් බැරිත් නැහැ. උත්සාහය කැපවීම තමයි මූලිකම දේ.

මුල් කාලේ නම් ලොකු ගානක් හොයන්න බැරි වෙයි. ඒත් ටික කාලයක් යනකොට ඔයාලට ගොඩක් ඕර්ඩස් එයි. එතකොට මං කිවුව ගානටත් වඩා හොයන්න පුලුවන් වෙයි.

මේක කරන්න ඔයාට මුලින්ම ඕනෙ කරන්නෙ Seoclerk  ගිනුමක්. සමහර අයටනම් ඇති.
නැති අය මේ ලින්ක් එකෙන් ලියාපදිංචි වෙන්න.
 >>> http://bit.ly/2sNNWd9 <<<

ලොකු දෙයක් නැ. ඔයාගෙ ඇත්තම විස්තර දීල ලියාපදිංචි වෙන්න විතරයි තියෙන්නෙ.

$5 ක් නොමිලේ ලබාගන්න.

ඔයාල ඇත්තම විස්තර දීල ලියාපදිංචි උනානම් ඔයාලගෙ ඊමේල් එකට එන ලින්ක් එක ක්ලික් කරල ඊමේල් ලිපිනය verify කරගන්න අමතක කරන්න එපා.
ඊලගට ඔයාගෙ seoclerk profile එකේ settings වලට යන්න.එතකොට ඔයාලට දකින්න පුලුවන් වෙයි වම් පැත්තට වෙන්න security  කියල තියෙනව. ඒක ක්ලික් කරන්න.

එතකොට ඔයාලට දකින්න පුලුවන් වෙයි.
Telephone number
Address verification
Identity verification
ඔය තුනමත් හරියටම verify කරගන්න.

ඒක හරියටම කලොත් ඔයාලගෙ ගෙදරට $5ක coupon code  එකක් තියෙන පොස්ට් කාර්ඩ් 1ක් එයි. ඒ code එක මේ වෙබ් අඩවියට දැන්මම ඔයාලට නිකම්ම $5 ක් ලැබෙනව.
ඒ $5 න් ඔයාලට services මිලදී ගන්න පුලුවන්.
මටනම් coupon code එක ගෙදරටම ආව.

හැබැයි ඉතින් VPN හෝ PROXY SERVERS භාවිතා කලොත් හරි Duplicate accounts හැදුවොත් නම් $5 ත් නෑ. ගිණුමත් Banned වෙයි.

හරි Seoclerk පැත්ත හරි ඊළගට තියෙන්නෙ ‍Fiverr ගිණුමක් හදා ගන්න එක. ගොඩක් අයට ‍ Fiverr ගිණුම් නම් ඇති. නැති අය මේ ලින්ක් එකෙන් ගිහින් ලියාපදිංචි වෙන්න.

https://www.fiverr.com/
කලින් වගේම ඔයාගෙ ඇත්ත විස්තර දාල , ඊ මේල් verify කරගන්න විතරයි තියෙන්නේ.

ඊළගට ඔයාල කල්පනා කරන්න ඕන දේ තමා ඔයාල මොන වගේ service එකක්ද දෙන්නෙ කියන එක. සමහර අයට පුලුවන් SEO, තවත් අයට පුලුවන් Article writing, තවත් අයට පුලුවන් EBooks, Emails list, Software වගේ විකුණන්න. ඉතින් තමන් කැමති දේ ‍තෝරාගත්තට පස්සෙ ඔයාල Seoclerk එකට ගිහින් ඔයා කැමති category එකෙන් search කරල හොද sellers ටිකක් හොය ගන්න. හොයගෙන ඒ අයව follow  කරන්න. ඒ අයගෙ හොද services ටිකක් bookmark කරගන්න.ඒව අපිට ඉස්සරහට ඕනෙනෙ.

ඉතින් මේ Sellers සහ එයාලගෙ servicesතෝරගද්දි මතක් කරල
එයාලගෙ profile කියවල බලන්න.
Ratings බලන්න.
Orders කියක් ඇවිත්ද
Buyer’s Feedback කියවන්න.
එයා service එක විස්තර කරල තියෙන විදිය කියවන්න.
Service එක ඉවර කරන්න කොච්චර කාලයක් ගන්නවද
වගේ දේවල් බලල හොද sellers හා services විතරක් තොරල bookmark කරගන්න.

අපි හිතමු ඔයාල ‍තෝරගත්තෙ Article writing  කියල. ඊළගට කරන්න තියෙන්නෙ ‍Fiverr එකට ගිහින් Article writing  ගැන හොද ගිග් එකක් දාන එක. ඒක ගොඩක් ආකර්ෂනීය විදියට දාන්න. හැබැයි Seoclerk  එකෙන් copy කරල දාන්න එපා. ඔයාගෙ වචන වලින්ම ලස්සනට දාන්න.

‍Fiverr එකේ හරියට ලියාපදිංචි වෙන හැටි, ගිග් එකක් හරියට දාන හැටි දන්නෙ නැත්නම් යූටිබ් (Youtube) එකට ගිහින් ඔයාලට ඉගෙන ගන්න පුලුවන්.

හරි දැන් හිතන්නකො ඔයාගේ ගිග් එකට ඕඩර් එකක් එනව.Buyer කියනව ඔයාට Crypto currency ගැන ලිපියක් ලියල දෙන්න කියල. ඔයාට කරන්න තියෙන්නෙ seoclerk එකට ගිහින් ඔය ‍තෝරගත්ත seller ගෙන් Crypto currency ගැන ලිපියක් ඕඩර් කරනව ඔයාට වගේ. එයා ඔයාට ලිපිය ලියල දුන්නම ඔයා ඒක ‍fiverr එකේ ඔයාගෙ buyer දෙනව හරියට ඔයා ලිවුව වගේ.
ඔච්චරයි කරන්න තියෙන්නේ..මුකුත් නොකරම ඔයාට $3ක් ලාභයි.

ටික කාලයක් යද්දි ඔයා නොදැනුවත්වම ඔයාට ලොකු ආදායමක් ඇවිත්.
මේ වැඩේට ‍Fiverr විතරක් නෙමේ,
තවත් ‍Freelancer site වල ඔයාට කරන්න පුලුවන්.
තව ඔයාගෙම Facebook page එකක් හරහා කරන්න පුලුවන්.
තවත් ඉනෙර්ට් එකෙන් search කරල buyers හොයගෙන එයාලට ඊමේල් කරල ඕඩර්ස් අරගන්නත් පුලුවන්.
ඔය විදියට ඔයාලට ඔයාලගෙ business එක දියුණු කරගෙන විශාල ආදායමකට යන්න පුලුවන්.

Popular posts from this blog

fanslave

How to Create an Upwork Profile

how te get money from fanslave